Thursday, October 28, 2010


මදුරුවන් බෝවීම වැළැක්‌වීමට සරල උපකරණයක්‌
මෝදර ශාන්ත අන්තෝනි විදුහලේ බාලිකාවෝ පිරිසක්‌ නිර්මාණය කරති

අමිල අබේරත්න


පිරිසිදු ජලයේ මදුරුවන් බෝවීම වැළැක්‌වීම සඳහා සරල උපකරණයක්‌ සැකසීමට මෝදර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ බාලිකාවන් පිරිසක්‌ සමත්ව ඇත.

කිසිදු වියදමකින් තොරව ඉතා පහසුවෙන් සකස්‌කර ගත හැකි මෙම උපකරණය එම විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ අද (28 දා) ඇරඹෙන එම විද්‍යාලයේ ප්‍රදර්ශනයක්‌ වෙනුවෙනි.

ඉවතලන ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ පමණක්‌ මෙම උපකරණය සැකසීමට අවශ්‍ය වන අතර එම බෝතලයේ 1/3 ක ප්‍රමාණයක්‌ උඩ කොටසින් කපා ඉවත් කළ ගත යුතුය. පසුව බෝතලයේ යට කොටසට පිරිසිදු ජලය පුරවාගෙන උඩ කොටසේ මූඩිය මදුරු කීටයකුට පමණක්‌ ඇතුළු විය හැකි ප්‍රමාණයේ සිහින් සිදුරු කිහිපයක්‌ සකස්‌ කර (මේ සඳහා අඟල් 1/2 ප්‍රමාණයේ යකඩ ඇණයක්‌ භාවිතා කළ හැක.) මූඩිය වසා ඡායාරූපයේ දැක්‌වෙන පරිදි මූඩිය සහිත කොටස යටට සිටින සේ ජලය පිර වූ බෝතලයේ පහළ කොටසට ඇතුළු කළ යුතුය. එවිට බෝතලය මතුපිට හොඳින් සම්බන්ධ වී තිබිය යුතුය. දැන් නැවතත් බෝතලයේ උඩ කොටසට ජලය පිරවිය යුතුය.

මෙසේ සකස්‌ කර ගත් උපකරණ කිහිපයක්‌ ගෙවත්තේ තැන් කිහිපයක තැබූ විට පිරිසිදු වූ ජලයේ බිත්තර දමන මදුරුවන් (ඩෙංගු, මැලේරියා, බරවා වැනි) ඒ තුළ බිත්තර දමනු ලබයි. එසේ දමන බිත්තර සති දෙකක්‌ තුළ මදුරු කීටයන් බවට පත් වන අතර ඔවුන් පිරිසිදු වතුරට වැඩි ප්‍රියතාවක්‌ දක්‌වන නිසා බෝතලේ මූඩියේ සිදුරු තුළින් බෝතලයේ පහළ කොටසට ගමන් කරයි. එසේ ගමන් කරනු ලබන මදුරු කීටයන් වර්ධනය වී මදුරුවන් බවට පත්වීමෙන් පසු ඔවුන්ට නැවත පිටතට පැමිණිය නොහැකි වී මාසයකට නොඅඩු කාලයක්‌ තුළ ඒ තුළම විනාශ වේ. මෙසේ දමන මදුරු කීටයන් යම් හෙයකින් පහතට ගමන් නොකළ හොත් ඔවුන් විනාශ කිරීම සඳහා බෝතලයේ උඩ කොටසට ගප්පි වර්ගයේ සුරතල් මත්‍යයකු දැමීම වඩාත් සාර්ථකය.

මෙම නිර්මාණය සිය පාසල තුළ මාස දෙකක කාලයක්‌ අත්හදා බැලූ බවත් එය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවත් මෙම නිර්මාණය සිදු කළ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ හර්ෂනී ලක්‍ෂිකා, හිරුණි රොෂානි, සංජීවි ඉෂාර, පසුදිනී නිමේෂා, ෆාතිමා ඉර්ෂාදා, ඈන් කෞෂල්‍යා යන ශිෂ්‍යාවන් පවසයි.

මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් පාසල් පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක කර පසුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගයෙන් සිය නිවෙස්‌වල ගෙවත්තේද සිදු කර ගත හැකි වුවහොත් මේ දින වල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු හා අනෙකුත් මදුරුවන්ගෙන් බෝවන රෝග අවම කර ගත හැකි වන බව එම ශිෂ්‍යාවෝ පවසති.

මෙම නිර්මාණය තුළින් සිය පාසල් ශිෂ්‍යාවන් විශාල ආදර්ශයක්‌ සපයා ඇති බවත්. මෙම වැඩපිළිවෙළ රටපුරා ව්‍යාප්ත කරගත හැකි වුව හොත් ඩෙංගු උවදුරෙන් මීදිමට හැකිවන බවත් ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විද්‍යා අංශයේ අශෝක පෙරේරා ගුරුතුමා පවසයි. එම විද්‍යාලයේ විදුහල්පතිනී වජිරා අබේසිංහ කන්‍යා සොයුරියගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය ශිෂ්‍යාවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය අද (28 දා) හා හෙට (29 දා) විද්‍යාලයේදී පැවැත්වේ. එහිදී මෙම උපකරණය හා එහි ක්‍රියාකාරීත්වය දැක බලා ගත හැක.

Sunday, August 1, 2010

photoshop illustrator වල සිංහලෙන් ​ type කිරීම




මට අද sinhala writer නැමැති මෘදුකාංගය ලැබුනා.එමගින් Photoshop,Illustrator මෘදුකාංග​ වලින් පවා ඉස්පිලි මෘදුකාංග​ වල ඇදයක් නැතිව type කල හැක​

Friday, July 16, 2010

මුර ගල


කොරවක් ගලක පහල කෙළවරේ ඇත්තේ මුර ගල නමැති ගල් පුවරුවකි. මෙහි නොයෙක් රූප රමණීය ලෙස කැටයම් කොට ඇත​. ඒ අතුරෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන රූපයක් නම් නාග රාජයාගේ රූපයයි.මේ නාගරාජයාගේ හිස මුදුනෙහි නයි පෙන දක්නට ලැබේ.නයි පෙන සංඛ්‍යාව තුනක්,පහක්,හතක් හෝ නවයක් වැනි ඔත්තේ සංඛ්‍යාවකි. සිංහල බෞද්ධයාගේ විශ්වාසය අනුව නාගයා යනු වටිනා වස්තු හා ස්ථාන ආරක්‍ෂා කරන්නෙකි.

ලංකාවේ පුවත් ලුහුඩින්


මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම ඩෙංගු රෝගය දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යැමට පටන් ගෙන තිබේ.
ඩෙංගු
හැඳින්වීම

ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.


ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.

රෝගකාරකය

ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.

ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්

මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.

රෝග ලක්ෂණ

තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.

ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,

දින 2 - 7 දක්වා පවතින අධික උණ
සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,

සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.

සංකූලතා

ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.

අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.

ප්‍රතිකාර

රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
වැඩිපුර දියර වර්ග ගැනීම
උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.

Thursday, July 15, 2010

අලුත් උපාන්ගයක්


මට අද​ සිංහල ටයිප් කරන්න නව softwear එකක් ලැබුනා. ඒකෙත් පොඩි problem එකක් තිබෙනවා මි අකුර illustrator වලින් ටයිප් කරන විදිය​ දන්නේ නැත​