Friday, July 16, 2010
මුර ගල
කොරවක් ගලක පහල කෙළවරේ ඇත්තේ මුර ගල නමැති ගල් පුවරුවකි. මෙහි නොයෙක් රූප රමණීය ලෙස කැටයම් කොට ඇත. ඒ අතුරෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන රූපයක් නම් නාග රාජයාගේ රූපයයි.මේ නාගරාජයාගේ හිස මුදුනෙහි නයි පෙන දක්නට ලැබේ.නයි පෙන සංඛ්‍යාව තුනක්,පහක්,හතක් හෝ නවයක් වැනි ඔත්තේ සංඛ්‍යාවකි. සිංහල බෞද්ධයාගේ විශ්වාසය අනුව නාගයා යනු වටිනා වස්තු හා ස්ථාන ආරක්ෂා කරන්නෙකි.
ලංකාවේ පුවත් ලුහුඩින්
මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම ඩෙංගු රෝගය දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යැමට පටන් ගෙන තිබේ.
ඩෙංගු
හැඳින්වීම
ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ගයක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.
රෝගකාරකය
ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.
රෝග ලක්ෂණ
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.
ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
දින 2 - 7 දක්වා පවතින අධික උණ
සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.
සංකූලතා
ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
ප්‍රතිකාර
රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
වැඩිපුර දියර වර්ග ගැනීම
උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
රතු පාට හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම
සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
ඩෙංගු වයිරසය සඳහා ප්රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.
Thursday, July 15, 2010
අලුත් උපාන්ගයක්
adobe illustrator
Wednesday, July 14, 2010
වටදාගෙය
Subscribe to:
Posts (Atom)